Friday, December 19, 2014

IP Address..

IP
අද අපි ඉගෙන ගන්න යන්නේ IP Address ගැනග හොඳයි පළමුවෙන්ම මේ වචනය පැහැදිලිව තේරුම් ගනිමු. 
මේ වචනය ගොඩක් දුරට භාවිතා කරන්නේ ඉන්ටනෙට් වලදී. ඉතින් සාමාන්‍ය ක්‍රමයට තැපෑලෙන් ලියුමක් යවනවා වගේ කාර්යයක් තමයි  මේ අන්තර්ජාලය හරහා පණිවුඩ හුවමාරුව සිදු කෙරෙන්නේ.
අපි ලිපියක් යටනකොට එයව කොට ලිපිනයක් සඳහන් කරනවානේ. මේ ලිපිනය යන සහ එන වශයෙන් දෙකක් තියෙනවා කියලා අපි දන්නවා. 
අන්තර්ජාලයේ දත්ත හුවමාරුවේදීත් මෙහෙම අපි පිටුවකට ප්‍රෙව්ශ වෙද්දී ඒ තැන සඳහන් කරන්න ඕනි. නැත්නම් අපි යන්නේ කොහේද කියන එක දන්නෙ නැති නිසා. අත්තර්ජාලයේ මේ ගනුදෙනුව සිදු කරද්දදී ඒ ඒ පරිතණක යන්ත්‍ර හඳුනා ගන්නේ මේ ලිපිනවලින් (IP Address). 
I P කියලා කියන්නේ Internet Protocol එකකට.

එතකොට මොකක්ද මේ ප්‍රොටකෝල් කියන්නේ. අන්තර්ජාලයේ පණිවුඩ හුවමාරුවේදී  අනුගමනය කරන සම්මත නීති රීතී පද්ධතියකට තමයි ප්‍රොෙටාකෝල් කියන්නේ. 
ඉතින් අප භාවිතා කරන හැම පරිගණකයකටම මේ හඳුනා ගැනීමේ අංකය හෙවත් IP address එකක් තියෙනවා , හරියට අපේ වෙල්වල ලිපින වගේ ඒවා කවදාවත් එක සමාන නැහැ. ඒ වගේම තමයි මේ ලිපින එක පරිගණනකයකට විතරමයි තියෙන්නේ. තවත් විදිහකින් කියනවනම් මේ ලිපින අනන්‍ය ඒවා. 

IP Address classes
මේවා භාවිතයේදී ඒ ඒ පරිගණක හඳනැ ගැනීමට පංති එහෙම නැතිනම් ස්තර භාවිතා කරනවා. ඒ පංති පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පහළ වගුව භාවිතා කරන්න පුළුවන්.